Discoverරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hati

රට කරවන හැටි Rata Karawana Hati

Author: Maheshakya

Subscribed: 13Played: 57
Share

Description

ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගය

Cyber movement for an informed discussion on all things Sri Lankan politics
109 Episodes
Reverse
ප්‍රෙගොෂින් ට ඉස්සර කිව්වේ පුටින් ගේ චෙෂ් කියල. අද අපි කතා කරන්නේ පුටින් ගේ චෙෂ්, පුටින් ගේ ලොකුම සතුරා වුන හැටි. · Associated Press/Alamy Stock Photo
ප්‍රශ්නය - “ජීවන වියදම ඉහළ යන එකට රජය මොකක්ද කරන්නේ?” පිළිතුර - “දැන් බලන්න අපේ රජය බොහොම අසීරු කාලයක බලයට ඇවිත්, කවුරුත් වගකීම් බාර ගන්න බැහැ කියපු වෙලාවක බලය අර ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරල තියනවා, ණය අර ගන්න පුළුවන් වටපිටාව හදල දීලා තියනවා.” අපි මේ වගේ ටෝකින් පොයින්ට්ස් වලට දැන හෝ නො දැන අහල තියනවා. ඒවා විශ්වාස කරල තියනවා. ටෝකින් පොයින්ට් එකක් කියල කියන්නේ දේශපාලනයේ දී තමන්ට එන ප්‍රශ්නය හැර අනිත් හැම මඟුලට ම උත්තර දෙන දේශපාලන උපක්‍රමයක්. මේක දේශපාලන වේදිකාවේ, සාකච්ඡාවල භාවිත වෙනවා අපි දකිනවා. අද කතා කරන්නේ මේ දේශපාලන උපක්‍රමය ගැන.
ප්‍රංශය මේ දවස් වල ගත කරන්නේ දේශපාලනික ව බොහොම තීරණාත්මක කාලසීමාවක්. ප්‍රංශ ජනතාව මේ වෙන කොට, විශ්‍රාම වයස ඉහළ දැමීමට විරුද්ධව මිලියන ගණනින් පාරට එනවා. අද ලෝක කම්කරු දිනය දවසේ අපි කතා කරන්නේ ප්‍රංශයේ වැඩ කරන ජනතාවගේ මේ අරගලය ගැන. ·        https://www.cleiss.fr/docs/regimes/regime_france/an_3.html ·        https://edition.cnn.com/2023/03/17/europe/french-pension-reforms-explainer-intl-cmd/index.html ·        https://www.lemonde.fr/en/france/article/2023/03/15/france-s-aging-population-is-a-challenge-that-goes-far-beyond-the-pensions-issue_6019391_7.html ·        https://www.youtube.com/watch?v=jAmpsJ3_gjo&ab_channel=WION ·        https://www.youtube.com/watch?v=AUIPtDaSRy0&ab_channel=TheTelegraph
රනිල් රාජපක්ෂ අද රටේ ජනතාව හති වට්ටන කැම්පේන් එකකට මුල පුරල ඉන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඒ වගේම රනිල් වැනි පාලකයන් ඉන්න රටක check and balance තිබීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතන වල අවශ්‍යතාව ගැනත් අද පි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ටිකක් ප්‍රමාද වෙලා හරි අද අපි මුලින්ම කතා කරන්නේ සේපාල් අමරසිංහ ගැන සහ ජජබෙ බදු ප්‍රතිපත්තිය ගැන. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 4 තමන්ගේ ඡන්ද කැම්පෙන් එක කරගෙන යන විදිහ ගැනත් අපි කතා වෙනවා. (මෙය පටිගත කිරීම තැපල් ඡන්ද කල් දැමීමේ තීරණයට පෙර පටිගත කරන ලද බව සලකන්න.)
අද අපි කතා කරන්නේ රටේ ලොකුම පුංචි ඡන්දෙ ගැන
Status quo එකට අභියෝග කිරීමෙන් විතරයි අපට සමාජයක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ Status quo එකට අභියෝග කිරීම ගැන සහ ඒකේ වැදගත්කම.
මෑතකදි ත්‍රෂ් වික්‍රමනායක #225ඔ්නෙ කියල ළමා ආරක්ෂණ්‍ය වෙනුවෙන කැම්පේන් එකක් පටන් ගන්නවා. මේක දැක්කහම අපිට හිතුන දේශපාලන ඉත්තෝ ගැන කතා කරන්න ඔ්නෙ කියල. · https://twitter.com/RajapaksaNamal/status/1588928847965454337?s=20&t=OxFkbclojk4qECVeV7hBhw1
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය නැවතත් ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු සභාව වගේ ස්වාධීන ආයතන පිහිටුවන්න යෝජනා කරල තියනවා. අද අපේ 100 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ මේ සංශෝධනය ගැන.
IMF සරණ 2.0 #99

IMF සරණ 2.0 #99

2022-09-1926:32

අද අපි කතා කරන්නේ IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුන එකඟතාවය ගැන.
මීට අවුරදු 200 විතර කලින් නැපෝලියන් චීනේ ඉඳන් ඇවිත් මෙහෙම කියනවා "That is a sleeping dragon. Let him sleep! If he wakes, he will shake the world." අද කතාව මේ අවදි වුන මකරා කවුද කියන එක ගැන සහ ඒක අපි ට සම්බන්ඳ වෙන විදිහ ගැන. · https://www.aljazeera.com/news/2022/8/13/sri-lanka-allows-entry-for-controversial-chinese-ship · https://www.thoughtco.com/geography-and-modern-history-of-china-1434414 · https://www.khanacademy.org/humanities/whp-1750/xcabef9ed3fc7da7b:unit-1-the-world-in-1750/xcabef9ed3fc7da7b:1-2-scaling-to-two-places-in-the-world/a/read-qing-dynasty-beta · https://www.csis.org/programs/international-security-program/isp-archives/asia-division/cross-strait-security-initiativ-0 · https://www.bbc.com/news/world-asia-34729538 · https://www.aljazeera.com/news/2021/12/10/who-are-taiwan-diplomatic-allies
අපි නොහිතපු විදිහේ රාජ්‍ය ත්‍රස්තවාදයක් අත්විඳින්න අද මිනිස්සුන්ට සිද්ද වෙලා තියනවා. අසාධාරණ විදිහට මිනිස්සු අත්තඩංගුවට ගන්නවා, පැහැරගන්නවා. ජනාධිපති මන්දිරෙන් කොඩියක් උස්සපු මිනිහා අත්තඩංගුවට ගන්නකොට බිලියන් ගණන් අවභාවිතා කරපු මිනිස්සු රටින් පනිනවා. ඇමති තනතුරු ගන්නවා. අද කතාව ඒ ගැන.
20 වෙනිදා අපේ පාර්ලිමේන්තුව රැස් වෙනවා 9 වෙනි ජනාධිපතිවරයා තෝරාගන්න හෝ 8 වෙනි ජනාධිපතිගේ ධුරය ස්ථිර කරන්න. මේ තැනට එන්න සිදුවුන ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන සහ මේ වෙන‌ෙකාට ඡන්දය ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන්නේ කාටද කියන එක ගැන තමයි අද කතාව.
මේ දවස් වල අපි නිතර දකින දෙයක් තමයි පාට වර්ග මුල් කරගෙන අපේ ප්‍රවෘත්ති සයිකල් එක නිතරම අළුත් වෙනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රවෘත්ති සයිකල් එක ගැන සහ ඒක අපිට හිතන පතන විදිහට කරන බලපෑම ගැන.
ධම්මික පෙරේරා වැනි බලගතු ව්‍යාපාරිකයෙක්, ව්‍යවස්ථාදායකයට එවල, අමාත්‍ය ධූරයක් ලබා දෙන්න ගෝට තීරණය කරල තියනවා. මේක දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට හානිකර තීරණයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ තීරණය ගැන.
තනි අලි එන්නේ රට රකින්නද? 
ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන.
IMF සරණ #91

IMF සරණ #91

2022-04-2218:53

අළුත් මහ බැංකු අධිපතිවරයා, ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවේ විදේශ ණය නො ගෙවා ඉන්න තීරණය කරනවා. අද අපි කතා කරන්නේ රාජ්‍ය ණය නො ගෙවීමේ ඉතිහාසය සහ ඒකෙන් අත් විය හැකි බලපෑම ගැන. · https://www.newsfirst.lk/sinhala/2022/04/12/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%86%e0%b6%b4%e0%b7%83/ · https://deliverypdf.ssrn.com/delivery.php?ID=147088068082019068098105095112069005121089060019020042124009066093099073070102095004121005007014114035049006029095099103119015000015036032060094090103070118011003056038080103120005120108076100073124005116070115120015028088008098026111066089088021068&EXT=pdf&INDEX=TRUE · http://www.bu.edu/econ/files/2013/01/ColeDowEnglish.pdf
වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක.
රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය.
loading
Comments 
Download from Google Play
Download from App Store