DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Claim Ownership

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Author: SBS

Subscribed: 669Played: 21,969
Share

Description

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2321 Episodes
Reverse
January 26 is one of the most debated dates in Australia’s history. Often described as the nation’s birthday, the day marks neither the formal founding of the colony nor the creation of the Commonwealth. Instead, it reflects a layered history shaped by colonisation, political decisions, and ongoing First Nations resistance. Understanding what actually happened on January 26 reveals why the date is experienced so differently across the country. - ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් 'Australia Day' විදියට තමයි සැලකෙන්නේ. ඉතින් ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා මහජන නිවාඩු දිනයක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට පළමු සංක්‍රමණිකන් රැගත් නැව් සිඩ්නි වරයාට පැමිණීම මෙදිනට සිහිපත් කරනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන් ඇතුළු ඇතැම් පිරිස් වලට මේ ආගමනය වේදනා කාරී මතකයන් ගෙන දෙනවා. ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් Australia Day විදියට සමරන්නට යෙදුනු හේතු වගේම ඕස්ට්‍රේලියාවේ විවිධ ජන කොටස් වෙනස් ආකාරයට මේ ඕස්ට්‍රේලියානු දිනය දෙස බලන්නේ ඇයි කියන කාරණය ගැන කරුණු සොයා බලන්න අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
වසරේ විශිෂ්ඨතම ඔස්ට්‍රේලියානුවන් අගයමින් පිරිනමන Australian of the year සම්මානය 2026 වසරේ ජයග්‍රහණය කල ජයග්‍රාහකයින් ඊයේ කැන්බරා නුවරදී ප්‍රකාශයට පත් කළා ඕස්ට්‍රේලියානු සමාජයට සිදුකල සේවාව අගයමින් මේ සම්මානය සඳහා ගහනගාමීන්, වෛද්‍යවරුන් ඇතුළු 33 දෙනෙකු අවසන් වටයට තේරී පත් වී තිබුනා. ඉතින් අද කාලීන විග්‍රහය වෙන්වෙන්නේ මේ විශිෂ්ඨ ඔස්ට්‍රේලියානුවන් ගැන ඔබට තොරතුරු ගෙන ඒමටයි.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියානු දිනය යනු කුමක්ද? අද වනවිට මෙම දිනය සමරන්නේ කෙසේද? සහ විවිධ ප්‍රජාවන්ට වෙනස් ලෙස මෙම දිනය අදහස් කරන්නේ ඇයි? යන්න ගැන වසර සිය ගණනක ඉතිහාසය දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උපදේශන කටයුතු සිදු කරන අය දක්වලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙකම මුසු ප්‍රතිචාරයක්. ඉතින් මේ පිළිබඳවයි අද කාලීන විග්‍රහයේ විමසුම.
SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්‍රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්‍රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්‍රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්‍ර වූ Shepparton හි ප්‍රකට ශ්‍රී ලාංකීය සමාජ සේවකයෙක් වන සෑම් අතුකෝරාළ මහතා සමග SBS සිංහල සේවය පැවැත්වූ විශේෂ සාකච්ඡාව.
ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
අන්තර්ජාලය හරහා සිදුවන විවිධ වංචා හඳුනා ගැනීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් අධි තක්සේරුවක සිටින බවට නවතම පරීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම AI තාක්ෂනය භාවිතයෙන් සිදුවන වංචා ඉතා සූක්ෂමව සිදුවන නිසා මේවා පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ මේ ගැනයි
එදා හෙළදිව ජීවත් වු නීල නම් යෝධයාගේ සුරුවිරුකම් ගැන අපේ ජන වහරේ කතා රැසක් තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අපේ වහරේ කතා අහුරෙන් අද කියන්න යන්නෙ ඒ නීල මහා යෝධයා ගැන රස කතාවක්.
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Australia is known as the allergy capital of the world. Our diverse population also means that we express our religious beliefs, ethics, health and personal choices through the food we eat. We called on some experts to help us navigate all the labelling, certifications and resources that can inform our food choices. - ඕස්ට්‍රේලියාවේ ඉන්න ජනතාව අතරේ ආහාර ආසාත්මිකතා ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල ඔබ දැනගෙන හිටියද? වර්තමාන ඕස්ට්‍රේලියානු සමාජය හැදිලා තියෙන්නේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාවගේ එකමුතුවකින්. ඉතින් මේ පිරිස් තමන්ගේ ආහාර භාවිතාව විවිධාකාරයෙන් සිදුකරනවා. ආගමික හේතූන් වගේම සංස්කෘතික බලපෑම් නිසා විවිධාකාර ආහාර රටාවන්ගෙන් ඕස්ට්‍රේලියානු සමාජය පිරිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේදී නිසි අයුරින් ආහාර තෝරා බේරා ගන්නේ කොහොමද, අහාර ඇසුරුම් වල දක්වල තියෙන තොරතුරු නිසියාකාරව හඳුනාගන්නේ කොහොමද වගේ කාරනා අද Australia explained විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
පසුගියදා නිකුත් වුන Cotality වාර්තාවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල පිළිබඳව යම් පුරෝකථනයන් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසර මුලදී පොලි අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම අවිනිශ්චිත බවත් නිවාස වෙළඳපොලේ වර්ධනය අඩු විය හැකි බවටත් යම් අනාවැකි පල වනවා. මේ නිසා වර්තමාන නිවාස වෙළඳපල ගැන කරුණු සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ලෝක ජනගහනය ස්මාර්ට් ජංගම දුරකථනවල සිට මෝටර් රථ කොටස් සහ ආයුධ පවා සෑදීම සඳහා අත්‍යවශ්‍ය ඛනිජ මත වැඩි වැඩියෙන් මේ වනවිට යැපෙමින් සිටින අතර ඔස්ට්‍රේලියාවේ මෙම ඛනිජ සම්පත, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් බවට මේ වනවිට පත්ව තිබෙන බව සඳහන් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ඇගයුම් රාමුවේ යාවත්කාලින කිරීමක් පසුගිය දා සිදු වුණා. ඒ අනුව රටවල් කිහිපයක ම අදියර වෙනස් වීම් දක්නට ලැබෙනවා. අදියර 1හි රැඳී සිටි ශ්‍රී ලංකාව අදියර 2 දක්වා පසුබැස තිබෙනවා. මේ වෙනස්වීමට හේතු සහ අනාගත වීසා කටයුතුවල දී සැලකිලිමත් විය යුතු කරුණු රැගත් මේ සාකච්ඡාවට සවන් දෙන්න.
loading
Comments (1)

William Gerorge

The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.

Aug 2nd
Reply