Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Author: SBS
Subscribed: 671Played: 21,980Subscribe
Share
© Copyright 2025, Special Broadcasting Services
Description
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2514 Episodes
Reverse
බොහොමයක් පළමු නිවාස ගැනුම් කරුවන්ට තියෙන විශාල ගැටළුවක් තමයි නිවසක් මිලදී ගන්න අවශ්‍ය වෙන මූලික තැම්පතුව, 'deposit' එක සොයා ගන්න එක. කෙසේ උවත් වර්තමානය වෙනවිට 2%ක් 5%ක් වගේ අඩු තැන්පතු මුදලකින් නිවසක් මිලදී ගන්න බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට අවස්ථාව තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අඩු තැන්පතු මුදලකින් නිවසක් ගන්න තියෙන අවස්ථා ගැන අද විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා.
පසුගිය මාස මාස දෙක තුල දෙවන වතාවටත් පොලි අනුපාතය ඉහල දමන්න ඔස්ට්‍රේලියානු මහ බැංකුව කටයුතු කළා. පොලී අනුපාත ඉහල දමන්න රැස්වෙන කමිටුවේ මහ බැංකු නිලධාරීන් 5 ට 4ක් ලෙස මේ සඳහා මනාපය පලකරලා තියෙනවා. මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වැඩිවශයෙන් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. මේ තත්වය පොලී අනුපාත ඉහල දමන්න වැඩි වශයෙන් හේතු වුන බව භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් පවසනවා. ජනතාවට සහන ලබාදීම් ගැනත් ඉදිරි අය වැය ගැනත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා. සම්පූර්ණ තොරතුරු දැනගන්න කාලීන විග්‍රහයට සවන්දෙන්න.
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මාළුබාන්නෙක් දෙවියන්ට වුන භාරයක් ගැනයි.
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
In Australia, government-subsidised rental housing is available for eligible households. Assessment is based on need under criteria that vary depending on your state or territory. Here’s what to expect when applying for different types of housing assistance, some common myths around social housing and where to reach out for help. - මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයක් පවතිනවා කියල බොහෝ දෙනෙක් දන්නවා. නිවාස සඳහා අධික ඉල්ලුමක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පවතිනවා. කුලී නිවාස මිල ගණන්ද ඉතා ඉහල මට්ටමකයි පවතින්නේ. මේ නිසා දැරිය හැකි මිලගණන් යටතේ කුලී නිවසක් සොයා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වෙලා තියෙනවා. මෙවැනි තත්වයකින් පීඩාවිඳින ඔස්ට්‍රේලියානුවන් සඳහා නිවාස සොයාගත හැකි විවිධ ක්‍රම ඕස්ට්‍රේලියාවේ පවතිනවා. 'Public housing', 'Social Housing' වගේම 'Affordable housing' කියන විවිධ ක්‍රමවේද හරහා, නවාතැනක් සොයාගන්න අපහසු අයට සහයවෙන්න මේ ක්‍රම සකස් කරලා තියෙනවා. මේ විවිධ ක්‍රම ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
පොලී අනුපාත වැඩිවීමත් එක්ක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ඉදිරිදී තම නිවාස නය පොලි අනුපාත ඉහල දමන්න සූධානම් වනවා. පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිලගණන් සීග්‍රයෙන් ඉහත යමින් පැවතුනා. නිවාස හිඟයත් මේ සඳහා තදින්ම බලපානවා. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල පවතින තත්වය ගැන සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
රාමසාන් උපවාස සාමය ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් චාරිත්‍රාංගයක්. රාමසාන් මාසයේ දෛනික උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් සම්ප්‍රදායයෙන්. ඉෆ්තාර් පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මුස්ලිම් සංසදයේ සභාපති ආකිල් හනිෆා සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡා කොටස් හයම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.
ඕස්ට්‍රේලියාවේ මාරාන්තික පිළිකාව තවදුරටත් පෙනහළු පිළිකා නොවන බව හෙළිව තිබෙනවා. මේ වනවිට මෙම මාරන්තිකම පිළිකා Upper gastrointestinal (GI) cancer වශයෙන් හැඳින්වෙන අතර මේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
ලොව පුරා රටවල් රැසක් වගේම ඔස්ට්‍රේලියාවත් මේ වනවිට යම් ආකාරයක තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් සිටිනවා. මෙලෙස තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉහළ සල්ෆර් සහිත පෙට්‍රල් ලබාදීම සඳහා ෆෙඩරල් රජය දින 60ක තාවකාලික සල්ෆර් ප්‍රමිතීන් ලිහිල් කිරීමට අවසර දී තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේදී ඔබේ පාඨමාලාව හෝ සැපයුම්කරු "Education Provider" වෙනස් කිරීමට සිතනවා නම් ඒ ගැන ජාත්‍යන්තර සිසුන් වශයෙන් දැනගතයුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
නේපාලයේ පැවති උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට රජය පෙරලා දැමීමට අරගල කරුවන් කටයුතු කළා. ඉන් මාස 6 කට පමණ පසුව පැවතුන මහා මැතිවරණයෙන් 35 හැවිරිදි රැප් ගායකයකුවන බාලේන්ද්‍ර ෂා එරට නායකත්වයට තේරී පත් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ. පි ශර්මා ඔලී පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබන්න මේ තරුණ රැප් ගායකයා ඇතුළු ඔහුගේ පක්ෂය සමත් වුනා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය යහපත් කර ගැනීම පිළිබඳවයි.
මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
























The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.