SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

තරුෂි එක්ක තරු කතා: යුග යුග සවන් සනසා නිහඩ වූ මියුරු හඬ ස්වර යුගල

ශ්‍රී ලාංකේය කලා ලෝකය සිය හඬ ස්වරයෙන් සනසා මිලින වූ තරු යුගලක් පිළිබඳ මතකානුස්මරණ කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘නොමියෙන තරු’ විශේෂාංගය අහන්න.

12-05
09:15

ක්‍රීඩා විග්‍රහය - ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

12-05
08:48

මව්බිමෙන් පුවත්: රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්‍යාග

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

12-05
10:16

SBS සිංහල Newsflash දෙසැ 05: දකුණු සහ අග්නිදිග ආසියාවේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 05 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

12-05
04:57

අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව!

ඕනවට වඩා හෙට්ටු කරලා ගොවි මහත්වරුන්ගේ ඵලදාව මිල දී ගන්න හදන වෙළෙන්දෝ ගැනුම්කරුවෝ එදාත් හිටියා අදත් ඉන්නවා. අපේ වහරේ ඒ වගේ අයට කියන මේ අලංකාර කියමන ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.

12-04
07:05

ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සමග මේ හදිසි සහනාධාර ලබාදීමේ කර්තව්‍යය පිළිබඳව SBS සිංහල සේවයේ අප සිදුකල සාකච්චාවට සවන්දෙන්න

12-04
08:25

'ලොව වටා': ඉන්දුනීසියාවේ ගංවතුරෙන් බේරුන අය ආධාර නැතුව කලකිරෙද්දී, මැලේසියාව අභිරහසක් වූ MH370 යලි හොයන්න ගනී

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

12-04
08:24

SBS සිංහල Newsflash දෙසැ 04: ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

12-04
05:26

From black tie to casual: How to decode dress codes - Australia Explained: ඕස්ට්‍රේලියාවේ විවධ උත්සව වලට යද්දී අඳින ගැලපෙන ඇඳුම් ගැන තොරතුරු

You’ve received an invitation that reads “Dress code: Cocktail attire”. What is this ‘code’? And more importantly, what will you wear? In this episode, we demystify the most common dress codes so that you can feel comfortable at any event. - ඔබට ඔස්ට්‍රේලියාවේදී යම් උත්සවයකට ආරාධනාවක් ලැබෙද්දී “Dress code: Cocktail attire” වශයෙන් තිබෙන්නට හැකියාව තිබෙනවා. මෙම Dress code කියන දේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

12-03
10:22

සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය

දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.

12-03
09:27

SBS සිංහල Newsflash දෙසැ 03: ශ්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

12-03
05:11

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව මේ සියවසේදී ගත් ලොකුම පාරිසරික ප්‍රතිසංස්කරණ සම්මත වෙයි

වසර පහක සමාලෝචනයකින් පසුව, ඕස්ට්‍රේලියාවේ පාරිසරික නීති සඳහා වසර 26 ක් තුළ වූ විශාලතම ප්‍රතිසංස්කරණ සම්මත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය Greens පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම ගනුදෙනුව පරිසර විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

12-02
09:20

පීඩාවට පත්ව සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා ආබාධ සහිත වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා ආධාර

'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

12-02
02:53

SBS සිංහල Newsflash දෙසැ 02: ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

12-02
05:20

ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යසන කාරී තත්වයට ඔස්ට්‍රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්‍ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්‍රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ රොටරි සමාජයේ (District 3220) හි District Governor ලෙස කටයුතු කරන ඩෙල්වින් පෙරේරා මහතා. ඉතින් පවතින තත්වය යටතේ ඔවුන් සහන ස්ලසීමේ ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

12-01
09:16

සහන සේවා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින්නන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණ හදිසි සේවා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

12-01
09:23

කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී

ඕස්ට්‍රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් ප්‍රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

12-01
08:05

මව්බිමෙන් පුවත් දෙසැ 01: අවදානම් තත්ත්වය තවදුරටත් - දිස්ත්‍රික්ක 7 ට රතු නිවේදන

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන විශේෂ ‘මව්බිමෙන් පුවත්’ ප්‍රකාශය.

12-01
10:05

SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

12-01
04:35

කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා

ඩිම්බ පරිත්‍යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්‍රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්‍රහයේ අවධායන ඒ පිළිබඳවයි.

11-30
08:46

William Gerorge

The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.

08-02 Reply

Recommend Channels