Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Author: SBS
Subscribed: 669Played: 21,967Subscribe
Share
© Copyright 2025, Special Broadcasting Services
Description
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2255 Episodes
Reverse
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දකිනවානම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි.
සමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.
ජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්‍රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.
නව වසර උදා වුණා. 31වෙනිදා රාත්‍රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.
සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්‍රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
සංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.
SBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.
දශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.
























The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.