DiscoverLIBCAST - The Library Podcast
LIBCAST - The Library Podcast

LIBCAST - The Library Podcast

Author: Interactive media unit - The Library, University of Kelaniya

Subscribed: 13Played: 33
Share

Description

LIBCAST is a podcast that aims to provide informative and engaging content to the students, faculty, and staff of the University of Kelaniya. It will feature interviews, discussions, book reviews, and other relevant topics related to the university's library and academic life. The LIBCAST project aims to launch a podcast series by the Interactive Media Unit in 2024 at the Library of the University of Kelaniya. The podcast, named LIBCAST, will be a platform for sharing knowledge, promoting academic resources, and fostering intellectual discussions among the university community and beyond.
9 Episodes
Reverse
අද අපි කතා කරන්නෙ Buddha's Brain: The Practical Neuroscience of Happiness, Love, and Wisdom පොත ගැන.මනසත් මොළයත් කියන්නේ අපි හැමදාම භාවිතා කරන දේවල්. නමුත් සමහර විට ඒ ගැන අපි වැඩි කල්පනාවක් කරන්නේ නැහැ, නේද? ඔබේ හැඟීම්, සිතුවිලි, තීරණ වැනි හැම දෙයකම මූලික අපේ මනස සහ මොළය. අද අපි හරි සැහැල්ලුවෙන් සහ සරලවම මේ දෙක පිළිබඳ කුඩා කතාබහකට යොමු වෙමු.https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/plusbook#plusbook #thelibraryuok #libcast #projectlibcast #buddha'sbrain #bookreview
අද අපි කතා කරන්න යන්නේ Grok ගැන. Grok කියන්නේ xAI විසින් නිර්මාණය කරපු AI චැට්බොට් එකක්. ඒ කියන්නේ, කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා මිනිසුන්ට ප්‍රශ්න අහන්න, උදව් ඉල්ලන්න පුළුවන් තාක්ෂණයක්. මේක ආරම්භ කළේ Elon Musk විසින්, ඔබ දන්නවනේ, Tesla සහ SpaceX වගේ සමාගම්වල හිමිකරු. Grok තවමත් beta අවධියේ තමයි තියෙන්නේ, ඒ කියන්නේ, තවමත් පරීක්ෂණ අවධියේ. නමුත්, ඒක බොහෝ දේවල්වලට උදව් කරන්න පුළුවන්. අද අපි බලමු Grok ගැන වැඩි විස්තරයක්.Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape⁠⁠#grok #digitaldreamscape #thelibraryuok #elonmusk #xAI #x #twitter #grok3
මම අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ ජනප්‍රියම AI තාක්ෂණයක් ගැන, ඒ තමයි ChatGPT! ඔබ බොහෝ විට මේ නම අහලා ඇති, නැත්නම් තවම අහලා නැති අය ඉන්නත් පුළුවන්. ඒත්, ChatGPT ගැන දැනගන්න ආස හිතෙනවා නම්, අද වැඩසටහන තමයි හොඳම තැන. අපි බලමු ChatGPT යනු මොකක්ද, එය කොහොමද වැඩ කරන්නේ, එයින් අපිට මොනවද කරන්න පුළුවන්, සහ එය අපේ ජීවිතයට කොහොමද උපකාර වෙන්නේ කියලා. එහෙනම්, අපි මේ ගමන පටන් ගමු!Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape⁠#chatgpt #digitaldreamscape #thelibraryuok #chatgptsinhala
අද අපේ කතා බහ මේ වන විට තාක්ෂණික ලෝකයේ ජනප්‍රියම මාතෘකාව වන DeepSeek කියන්නෙ මොකක්ද? ඇයි මේ තරම් මේ ගැන කතා වෙන්නෙ කියල. ගුරුවරයාට වඩා ගෝලයා ගොඩක් දේවල් දැනගෙන ගුරුවරයා පරාද කරපු DeepSeek කියන කෘතිම බුද්ධි ලෝකය දින කිහිපයකින් උඩු යටිකුරු කළ මේ අලුත් අමුත්තා ගැන කතාව අද අහමු. Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape#deepseek #digitaldreamscape #thelibraryuok
කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ තාක්‍ෂණික සේවා අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති සුලේඛා පද්මිණී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී තාක්‍ෂණික සේවා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඔබවෙත ගෙන ඒම අපේ අරමුණ වූ අතර අන්තර්ගත කරුණු අතර තාක්‍ෂණික සේවා යනු කුමක්ද? වර්ගීකරණය යනු කුමක්ද? ඇමතුම් අංකය යනු කුමක්ද? විශය ශීර්ෂයක් සහ ප්‍රමුඛ පදයක් යනු කුමක්ද? පොතක් සඳහා අංශයක් තෝරා ගන්නේ කෙසේද? තාක්‍ෂණික සේවා අංශයේ අනෙකුත් කාර්යයන් මොනවාද? අවසන් අධීක්ෂණය සිදු වන්නේ කෙසේද? මෙම කරුණු සම්බන්ධව ඔබ දන්න නොදන්න කරුණු රාශියක් මේ තුළ අන්තර්ගත වන බව නොඅනුමානයි. ඔබේ වේලාව මේ වෙනුවෙන් මොහොතකට වෙන්කර ගන්න.
Digital Dreamscape කියල කියන්නෙ, අලුත්වන තාක්ෂණික ලෝකය දිහා ඔබ බලන විදිය අලුත් කරවන, ඔබ දැනුමෙන් සන්නද්ධ කරවන අවකාශය. දෙසවන හරහා මොලයට තාක්ෂණික තොරතුරු හුවමාරු කරගෙන, ඔබේ එදිනෙදා වැඩ පහසුවෙන් කරගෙන ඔබේ ගමන යන්න පුංචි තල්ලුවක් මම ඔබට මේ තුළින් එකතු කරන්නයි බලාපොරොත්තුවෙන්නෙ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයටම විතරක් නොවෙයි සාමාන්‍ය ජීවිතයේ අපේ අරමුණු සපුරාගන්නත් මේ Podcast එක ඔබට උදවු කරාවි. ඔබ පුදුමයට පත් කරවන වෙබ් සේවාවන්, කෘතිම බුද්ධීන්, පර්යේෂණ ආධාරක මෙවලම්, ඔබට එදිනෙදා වැඩවලට උදවු කරන පද්ධති ගැන විතරක් නෙවෙයි. මොබයිල් Apps ගැන පවා ඔබට තොරතුරු ගෙන එන්න මම සූදානමින් ඉන්නෙ. Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape
Library Life අපේ අලුත්ම Podcast Series එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා..! පුස්තකාලවල හදවත තමයි පුස්තකාල සේවා. ඒ ගැන ගැඹුරින් ගවේෂණය කරලා, මේ බිත්ති ඇතු‌ළෙ තියන මායාව ලෝකයට හෙළි කරන Podcast Series එක Library Life ගැන හැදින්වීමක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නෙ. මෙහිදි අපි විශ්වවිද්‍යාල පුස්තකාල පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා පුස්තකාලවල සිත් ඇදගන්නා සුළු සේවාවන් පිළිබඳ යම් මග පෙන්වීමක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, අධ්‍යයන විශාරදයෙක් නැත්නම් පර්යේෂකයෙක් එහෙමත් නැත්නම් පොත් ගැන වගේම දැනුම ගැන ආශාවෙන් ඉන්න කෙනෙක් නම්, මේ ඔබට සුදුසුම තැනටයි ඇවිත් තියෙන්නෙ.
ආයුබෝවන්! අද අපි කතා කරන්නෙ ජපාන දර්ශනය පාදක වී ලියවුණු Héctor García සහ Francesc Miralles ගේ ප්‍රසිද්ධ ග්‍රන්ථය වන, IKIGAI: The Japanese Secret to a Long and Happy Life පොත ගැන. ඔබට ජීවිතයේ අරමුණක් සොයාගන්න, දීර්ඝායුශ ලබන්න, එහෙමත් නැත්නම් සතුටින් ජීවත් වෙන්න මෙම පොතේ අත්දැකීම්වලින් වගේම දැනුමෙන් ඔබට උපකාරයක් වේවි කියල මම හිතනවා. අද අපි කතා කරමු, මේ පොතේ මූලික අදහස් වගේම එය ඔබේ ජීවිතයට ගෙනෙන වටිනාකම පිළිබඳව. #ikigai #libcast #plusbook #uoklibrary
අලුත් ලෝකයක් සොයා ගන්න. ගැඹුරු තීක්ෂ්ණ බුද්ධිය අනාවරණය කර ගන්න. මෙතෙක් රචනා වී ඇති විශිෂ්ටතම කථා වෙත ගවේෂණය කරන්න. නව ලොව බුද්ධිමය වික්‍රමයට යන මග, මේ ඔබේ +Book වැඩසටහනයි. කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් ආරම්භ කළ LIBCAST ‌ව්‍යාපෘතියේ පළමු අත්දැකීම විදියට අද 2025 ජනවාරි මස තුන් වන සිකුරාදා ඉදලා සෑම සිකුරාදා දිනකම ඔබේ ඵලදායිතාව වැඩිකර ගෙන නව සාහිත්‍ය ප්‍රඥාවෙන් බුද්ධිමත් තීරණ ගන්න වෙලාව වෙන්කරවා ගන්න.