DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Claim Ownership

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Author: SBS

Subscribed: 671Played: 21,931
Share

Description

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2566 Episodes
Reverse
Coinciding with Diwali, Bandi Chhor Diwas is a day when Sikhs celebrate freedom and enlightenment through many social and cultural traditions. Here's everything you need to know. - දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්‍රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියාව - කැනඩාව, පෘතුගාලය සහ එක්සත් රාජධානිය සමඟ එක්වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් මෙම ප්‍රකාශය සිදු කරන ලද අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Choosing to legally change your name is a significant life decision that reflects your personal circumstances. Each year, tens of thousands of Australians lodge an application through the Registry of Births, Deaths & Marriages. If you’re considering a change of name, this episode takes you through the process. - ඔබේ නම නීත්‍යානුකූලව වෙනස් කිරීමට තෝරා ගැනීම ඔබේ ජිවිතයේ ගන්නා වැදගත් තීරණයක් වශයෙන් දැක්විය හැකියි. කෙසේ නමුත්, සෑම වසරකම දස දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් තම නවම වෙනස් කිරීම සිදු කරයි මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර් 19 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
සැප්තැම්බර් 17වන දින යෙදුණු ඕස්ට්‍රේලියානු පුරවැසි දිනයේ දී පුරවැසිභාවය ලද දහස් ගණනක් නව ඕස්ට්‍රේලියානුවන් සිය සතුට සැමරුවා. පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රට පුරා ප්‍රාන්ත පාලන ආයතනවල ද පැවැත්වුණා. නව පුරවැසියන් කිහිප දෙනෙකු SBS සමඟ සිය අදහස් බෙදාගත්තා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
ඕස්ට්‍රේලියාව දෙසැම්බර් 10 වන දින සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කොමසාරිස්වරිය මෙම තහනම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙවැනි තහනමක් ක්‍රියාත්මක වන්නේ ලොව ප්‍රථම වතාවටයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාවේ පාසල් තුල අධ්‍යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්‍රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.
loading
Comments (1)

William Gerorge

The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.

Aug 2nd
Reply